පොරොන්දම් විස්‌ස
විවාහයට
ඇතුළත් වීමට බලාපොරොත්තු වන දෙපළක් තමන්ගේ පවුලේ ජ්‍යොතිෂවේදියා වෙත ගොස් පොරොන්දම් පරීක්‌ෂාව සිදු කර ගනිති. මෙම පොරොන්දම් පරීක්‌ෂාව මගින්
යුග දිවිය පිළිබඳ යම් නිවැරදි තීරණයකට එළැඹිය හැකි
බැවින් මෙම 20 පොරොන්දම් පිළිබඳ යම් දැනුමක් අපේ ආදරණීය යෞවන යෞවනියන්ට ආදරණීය පුවත් පතක් තුළින් ලබා
දීමට සිතුවෙමු.
ජ්‍යොතිෂයේ
පොරොන්දම් 20 කි. එනම්
1. නැකත් පොරොන්දම
2. ගණ පොරොන්දම
3. මහේන්ද්‍ර පොරොන්දම
4. ස්‌ත්‍රී දීර්ඝ
පොරොන්දම
5. යෝනි පොරොන්දම
6. රාශි පොරොන්දම
7. ලග්න හා චන්ද්‍ර රාශ්‍යාධිපති
පොරොන්දම
8. රඡ්ජු පොරොන්දම
9. වශ්‍ය පොරොන්දම
10. වේධ පොරොන්දම
11. වෘක්‌ෂ පොරොන්දම
12. ආයුෂ පොරොන්දම
13. පඤ්ච පක්‌ෂි පොරොන්දම
14. පඤ්ච භූත පොරොන්දම
15. ගෝත්‍ර පොරොන්දම
16. වර්ණ පොරොන්දම
17. ලිංග පොරොන්දම
18. දින පොරොන්දම
19. නාඩි පොරොන්දම
20. ග්‍රහ පොරොන්දම
අපි මෙතැන සිට
පොරොන්දම් එකින් එක පිළිබඳ කතා කරමු
නැකත් පොරොන්දම
1. අස්‌විද 2. බෙරණ 3. කැති 4. රෙහෙණ 5. මුවසිරස
6. අද 7. පුනාවස 8. පුෂ 9. අස්‌ලිස 10.
මා 11. පුවපල් 12. උත්‍රපල් 13.
හත 14. සිත 15. සා 16.
විසා 17. අනුර 18. දෙට 19.
මුල 20. පුවසල 21. උත්‍රසල 22.
සුවණ 23. දෙනට 24. සියාවස 25.
පුවපුටුප 26. උත්‍රපුටුප 27. රේවතී
ආදී වශයෙන් ජ්‍යොතිෂ
විද්‍යාවේ නැකැත් 27 කි.
ස්‌ත්‍රිය උපන් නැකතේ
සිට පුරුෂයා උපන් නැකතට ගැළපෙන නැකතක් තෝරා ගැනීම නැකත් පොරොන්දම තුළින් සිදුවේ.
ස්‌ත්‍රිය උපන් නැකත
සිට පුරුෂයා උපන් නැකත දක්‌වා අපි ජන්ම - සම්පත් - විපත් - ක්‌ෂේම - ප්‍රත්‍යානි - සාධක - වද - මෛත්‍රී - පරම මෛත්‍රී වශයෙන් ගණනය කළ යුතුය. එහිදී ජන්ම - සම්පත් ලෙස නැකත වී නම් ශුභයි. ජන්ම - සම්පත් - විපත් ක්‌ෂේම නැකතක් වී නම් ශුභයි. ඡන්ම - සම්පත් - විපත් - ක්‌ෂේම - ප්‍රත්‍යානි නැකතක් වී නම් අශුභයි. ජන්ම - සම්පත් - විපත් - ක්‌ෂේම - ප්‍රත්‍යානි -
සාධ නැකත නම් ශුභයි. ජන්ම - සම්පත් - විපත් - ක්‌ෂේම -
ප්‍රත්‍යානි - සාධ - වද නම් අශුභයි.
අපි උදාහරණයක් ගෙන
බලමු.
යම් ස්‌ත්‍රියක් අස්‌විද
නම් නැකැත් 27 න් පළමු නැකතෙන්ද පුරුෂයා කැති නැකතින්ද උපන්නා යෑයි සිතන්න. එහිදී අස්‌විද, බෙරණ , කැති යන නැකැත් පිළිවෙළින් ජන්ම සම්පත් - විපත් ලෙස ගණනය කරන්න. කැති නැකතට විපත් යෙදෙන නිසාවෙන් එම දෙපළගේ නැකත් පොරොන්දම නොගැළපේ. මෙම ක්‍රමයට ගණනය කිරීමේ අපහසුතාවයක්
ඇත්නම් පහත සඳහන් ක්‍රමය අනුගමනය කළ හැකිවේ.
ස්‌ත්‍රී උපන් නැකතේ
සිට පුරුෂයා උපන් නැකත 2,4,6,8,9 , 11, 13,
15, 17, 18, 20, 22, 24, 27, යන නැකත වී නම් ශුභයි. අන්‍ය නැකතක් වී නම් අශුභයි. මේ ක්‍රමයටම නැවත පුරුෂයා උපන් නැකතේ සිට ස්‌ත්‍රිය උපන් නැකත ද 2,4,6 ආදී නැකතක් වී නම් වඩාත් ශුභ ලෙසත් අන්‍ය නැකතක් වී නම් එය
ඉතා අශුභ බවත් ජ්‍යොතිෂය පෙන්වා දෙයි.
දෙදෙනාම එකම නැකතේ පාද
දෙකක වී චන්ද්‍ර රාශියද එකක්‌ම වී නම් ශුභයි. එවිට ධනය ද , පින ද, සමගිය ද ඇතිවේ.
දෙදෙනා නැකත් දෙකක වී
චන්ද්‍ර රාශිය එකක්‌ම වී නම් දරු ලාභ හා සැප ලැබේ.
දෙදෙනාම එකම නැකතේ වී
චන්ද්‍ර රාශි දෙකක නම් දෙදෙනාටම සැප නොලැබේ.
දෙදෙනා ම එකම නැකතේ
එකම පාදයේ නම් අශුභයි.
දෙදෙනා ම එකම චන්ද්‍ර
රාශියේ වී පුරුෂ නැකත මුල් නැකත ද, ස්‌ත්‍රී නැකත දෙවන නැකත ද වී නම් ඉතා ශුභයි.
දෙදෙනාම එකම චන්ද්‍ර
රාශියේ වී, ස්‌ත්‍රී නැකත මුල් නැකත ද, පුරුෂ නැකත දෙවැනි නැකත ද, වී නම් ස්‌ත්‍රී නැකතට පුරුෂ සම්පත් වුවත් ශුභ මධ්‍යමයි.
දෙදෙනා ම එකම නැකතේ වී
පුරුෂයා මුල් පාදයත්, ස්‌ත්‍රී පසු පාදයත් වීමද ශුභයි.
දැන් ඔබට නැකත්
පොරොන්දම හා එයින් සිදුවන කාර්යභාරය පිළිබඳ යම් වැටහීමක් ලැබී ඇත.
ගණ පොරොන්දම
ගණ පොරොන්දම පිළිබඳ
විමසා බැලීමේදී
1. දේව ගණය 2. මනුෂ්‍ය ගණය 3. රාක්‌ෂ ගණය වශයෙන් ජ්‍යොතිෂයේ ප්‍රධාන වශයෙන් ගණ වර්ග 3 ක් පිළිබඳ කතා කරයි. මෙම ගණ පොරොන්දම අපේ යුග
දිවියට බලපාන්නේ මෙසේය. එනම්
දෙදෙනාම එකම ගණයේ නම්
ඉතා ශුභයි. ප්‍රීතිය සතුට ඇතිවේ.
දේව - මනුෂ්‍ය ගණ දෙකක
නම් මධ්‍යමයි.
දේව - රාක්‌ෂ ගණ දෙකක
නම් අශුභයි
මනුෂ්‍ය - රාක්‌ෂ ගණ
දෙකක නම් මාරක තරම් අගුණයි
ස්‌ත්‍රී රාක්‌ෂ ගණයේ
සහ පුරුෂයා මනුෂ්‍ය ගණයේ නම් ඉතා ඉක්‌මනින් මරණය හෝ ධන හානිය ඇතිවේ.
ස්‌ත්‍රී මනුෂ්‍ය ගණයේ
සහ පුරුෂයා රාක්‌ෂ ගණයේ නම් ඉතාම අශූභයි.
තමන්ගේ සහකාරිය හෝ
සහකරු රාක්‌ෂ ගණයේ යන්න සමාජයේ ප්‍රචලිතව ඇත්තේ ඔහු හෝ ඇය රාක්‌ෂයෙකු හෝ රාක්‌ෂණියක ලෙසයි. නමුත් මෙහිදී "රාක්‌ෂ" යන්නෙන්
අදහස් වන්නේ රැකවරණය නැතහොත් ආරක්‌ෂා කිරීම යන්නයි.
මහේන්ද්‍ර පොරොන්දම
ස්‌ත්‍රී උපත් නැකතේ
සිට පුරුෂයා උපන් නැකත,
4,7,10,13,16,19,22,25 යන නැකතක් වී නම් ඉතාම ශුභයි. විවාහයෙන් පසු දරු සැප හා
දීර්ඝායුෂ ලැබීමට හේතුයි. 5,8 ආදී වශයෙන් අන්‍ය නැකතක් වී නම් අශුභයි.
ස්‌ත්‍රී දීර්ඝ
පොරොන්දම
පෘථග්ජන ස්‌ත්‍රිය හෝ
පුරුෂයා අතරින් ස්‌ත්‍රිය වනාහි වඩාත් සතුටට පත්වීමට කැමැත්තක් දක්‌වන්නා වූ පාර්ශ්වයකි. මෙහිදී පුරුෂයාට ස්‌ත්‍රිය සතුටට
පත්කර ගැනීමට නොහැකි වීමෙන් විවාහ ජීවිතයේ ගැටලු ඇතිවේ.
ස්‌ත්‍රිය උපන් නැකතේ
සිට පුරුෂයාගේ නැකත 1,2,3,4,5,6,7,8,9 යන මෙයින් එකකට අසුවේ නම් අශුභයි. එවිට පුරුෂයාට
එම ස්‌ත්‍රිය සතුටු
කිරීමට නොහැකි වේ. එහිදී ස්‌ත්‍රිය සමඟ ගැටීම්, මතභේද ඇතිවේ.
10,11,12, 13 යන මේවායින් එකකට
අසුවේ නම් උපක්‍රමයෙන් ස්‌ත්‍රිය සතුටු කිරීමේ හැකියාව ඔහුට ලැබේ.
14,15,16,17,18,19,20,21,22,23,24,25,26,27 යන නැකතකට අසුවේ නම් ඉතාම ශුභයි. ඉක්‌මනින් ස්‌ත්‍රිය සතුටු කිරීමට හැකිවේ. එම හේතුවෙන් එම පවුල් ජීවිතයේ
කිරි ඉතිරේ.
No comments:
Post a Comment